ස්ත්රී දූෂණ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබූ ධනුෂ්ක ගුණතිලක අද යළි දේශීය තරග බිමට පිවිසියාය.
නුගේගොඩ ක්රීඩා සමාජයට එරෙහිව පැවැති මෙම තරගයේදී කොළඹ SSC ක්රීඩා සමාජයට ක්රීඩා කළ ධනුෂ්ක ගුණතිලක එහිදි ලකුණු 10ක් ලබා ගත්තේය.
2022 වසරේ පැවැති T20 ලෝක කුසලානයෙන් පසු ධනුෂ්ක ගුණතිලක ක්රීඩා කළ පළමු තරගය ද මෙයයි.
මෙම තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් SSC කණ්ඩායම පන්දුවාර 41.5කදී සියලු දෙනා දැවී ලකුණු 152ක් ලබා ගත්තේය.
නුවනිඳු ප්රනාන්දු ලකුණු 50ක් ද , නිසල තාරක ලකුණු 43ක් ද ලබා ගත්තා.
Photo Credit : Sameera Peiris