Home Cricket දෙවැනි තරගයටත් ඉන්දියාවෙන් ප්‍රබල ආරම්භයක් – අසිත හා ජයිස්වාල් අතර උණුසුම් තත්ත්වයක් 

දෙවැනි තරගයටත් ඉන්දියාවෙන් ප්‍රබල ආරම්භයක් – අසිත හා ජයිස්වාල් අතර උණුසුම් තත්ත්වයක් 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් තරගය අද කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමු පන්දුවට පහර දීමට තීරණය කළා.

ඉන්දියාව පළමු දිනය නිමාවන විට කඩුලු 5ක් දැවී ලකුණු 300ක් ලබා සිටියා.

අඛණ්ඩව දෙවන ටෙස්ට් ශතකය වාර්තා කළ දෙව්දත් පඩික්කල් ලකුණු 117ක් රැස්කළා.

නායක ශුබ්මන් ගිල් ලකුණු 50යි.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු ලකුණු 46කට කඩුලු 3ක් ද, ලහිරු කුමාර ලකුණු 38කට කඩුල්ලක් සහ කේෂර නුවන්ත ලකුණු 93 කට කඩුල්ලක් දවා ගත්තා.

මෙම තරගයේ ආරම්භයට පෙර පසුගියදා දිවිගමනට සමුදුන් මෙරට විශිෂ්ඨ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී වෙනුවෙන් විනාඩියක නිහඬතාවක එක්වමින් සිය ගෞරවය පුදකළා.

යෂස්වි ජයිස්වාල් ලකුණු 45කට අසිත ප්‍රනන්දුගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර අනතුරුව අසිත සහ ජයිස්වාල් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here