Home Athletics 23 වන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ඇරඹෙයි 

23 වන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ඇරඹෙයි 

23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල මෙවර ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහිදී ආරම්භ වුණා.

රටවල් 74ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000කට ආසන්න පිරිසක් මෙවර තරගාවලියට සහභාගි වන අතර මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල අගෝස්තු මස 2 වනදා දක්වා පැවැත්වෙනවා.

ක්‍රීඩා 10ක සහ පැරා ක්‍රීඩා 6කදී ක්‍රීඩා ඉසව් 215ක් මෙවර තරගාවලියට ඇතුළත්.

මහා බ්‍රිතාන්‍යයේ 3 වැනි චාල්ස් රජු සහ කැමිලා රැජිනියගේ සහභාගිත්වයෙන් මෙවර තරගාවලියේ සමාරම්භය සිදු කෙරුණා.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here