Home Athletics යළි ලොව අංක 01 වූ රුමේෂ් තරංග  

යළි ලොව අංක 01 වූ රුමේෂ් තරංග  

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගතකිරීම්වල යළි පෙරමුණ ගන්නට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වී තිබෙනවා. 

ඒ පසුගියදා ස්විට්සර්ලන්තයේ ලුසෑන්හිදී පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියෙව් පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජය ගැනීමත් සමගයි.

ජූලියන් වෙබර් යුරෝපීය මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජය ගැනීමත් සමග රුමේෂ් අභිබවා යමින් ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගතකිරීම්වල පෙරමුණ ගත්තා.

කෙසේ වෙතත් නවතම ශ්‍රේණිගතකිරීම්වලට අනුව රුමේෂ් යළි ලොව අංක එකේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 1363කට හිමිකම් කියමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here