Home Cricket ශ්‍රී ලංකාව අතහැර ඩිල්ෂාන් කැන්ගරුවන්ට එකතු වෙයි

ශ්‍රී ලංකාව අතහැර ඩිල්ෂාන් කැන්ගරුවන්ට එකතු වෙයි

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් හට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිව තිබෙනවා.

එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන Jason Wood සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එම සටහනින් පාර්ලිමේන්තු මන්ත්‍රී Jason Wood පෙන්වාදෙන්නේ පුරවැසිභාවය පිරිනැමීම සඳහා පැවති උත්සවය මේ හේතුවෙන් තවත් සුවිශේෂී වූ බවයි.

ඉදිරියේදී ඩිල්ශාන් විසින් එරට ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී මෙහෙයක් සිදුකරනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඒ මහතා තැබූ සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here