බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවති දෙවන T 20 තරගය ලකුණු 37කින් ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
ප්රථමයෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකාව පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 194ක් ලබා ගත්තේය.
දසුන් ශානක පන්දු 24ක් තුළ වේගවත් ලකුණු 58ක් ලබා ගත්තා.

කමිල් මිෂාර ලකුණු 60ක් ලබාගැනීමට සමත් වුණා.
පන්දුයැවීමේදී ශමර් ජෝසප් කඩුලු 03ක් සහ මැතිව් ෆෝර්ඩ් කඩුලු 02ක් දවාගත්තහ.

ජයග්රහණය සඳහා ලකුණු 195ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 18.1ක් තුළ සියලු දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 157ක් පමණයි.
එහිදී රොමන් පවෙල් ලකුණු 43ක් සහ ශිම්රොන් හේට්මයර් ලකුණු 36ක් ලබාගත්තහ.
පන්දුයැවීමේදී දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු තුන බැගින් දවාගත්තහ.
මෙම තරග ජයග්රහණය සමඟ තරග දෙකකින් සමන්විත තරගාවලිය එකට එකක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවෙයි.
අවසන් T 20 තරගය හෙට පැවැත්වෙයි.



