Home Cricket ලෝක T 20 ශූරියන් පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජය

ලෝක T 20 ශූරියන් පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජය

2026 ICC  T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වත්මන් ලෝක ශූරියන් වන නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

කාන්තා T 20 ලෝක කුසලානයකදී නවසීලන්තය ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පරාජය වූ පළමු අවස්ථාව ද මෙය විය.

නවසීලන්ත කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට දුන් අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 150ක් රැස් කළේය.

කවිෂ්කා දිල්හාරි කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 35ක් ලබා දෙමින්.

ලකුණු 151ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 153ක් ලබා ගනිමින් තරගය ජය ගත්තේය.

නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 54ක් රැස් කළේය.

නායිකා චමරි අතපත්තු ලකුණු 27ක් ලබාගත් අතර,කෞෂිනි නූත්යාංගනා නොදැවී ලකුණු 24ක් ලබා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here