Home Cricket සංගාගේ රාජස්ථාන් IPL දෙවැනි ජය ලබයි

සංගාගේ රාජස්ථාන් IPL දෙවැනි ජය ලබයි

Yuzvendra Chahal of Rajasthan Royals celebrates the wicket of Rishabh Pant (C) of Delhi Capitals with players during match 9 of the Indian Premier League season 17 (IPL 2024) between Rajasthan Royals and Delhi Capitals held at the Sawai Mansingh Stadium, Jaipur on the 28th March 2024. Photo by Arjun Singh / Sportzpics for IPL

IPL T20 තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය වාර්තා කරන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.

ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලකුණු 12කින් පරාජය කරමින්‍.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 185ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 173ක් පමණයි.

රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කුමාර් සංගක්කාර කටයුතු කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here