Home Cricket DS -මහානාම රන් මහා සටන ජය පරාජයෙන් තොරයි – ගවිරු සෙන්හස්ගෙන්...

DS -මහානාම රන් මහා සටන ජය පරාජයෙන් තොරයි – ගවිරු සෙන්හස්ගෙන් ද්විත්ව ශතකයක්

කොළඹ මහනාම විද්‍යාලය සහ D.S සේනානායක විද්‍යාලය අතර 18 වෙනි රන් මහා සටන ජය පරාජයෙන් තොරව කොළඹ SSC ක්‍රීඩාංගණයේදී නිමා විය.

මෙම තරගයේ සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ DS සේනානායක විද්‍යාලය කඩුලු හතරක් දැවී ලකුණු 370 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත් හිටුවන්නට තීරණය කළාය.

නායක ගවිරු සෙන්හස් නොදැවී ද්විත්ව ශතයක් වාර්තා කළාය.

මෙරට පාසල් මහා තරගයක ක්‍රීඩකයෙක් ද්විත්ව ශතයක් වාර්තා කළේ 1984 වසරෙන් පසුවය.

මලිත පෙරේරා ලකුණු 118යි.

පන්දු යැවීමේදී මහනාම විද්‍යාලය වෙනුවෙන් දූවිඳු සහ චාමික කඩුලු දෙක බැගින් දවා ගත්තා.

මහානාම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 239 ක් ලබා ගත්තේය.

යළි පිටියට පිවිසුණු මහානාම කණ්ඩායම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන විට දෙවන ඉනිමට කිසිවෙකු නොදැවී ලකුණු 207 ලබාගෙන සිටියා.

දුල්නෙත් සිගේරා සහ කවිදු අමමෙත් නොදැවී ශතක ලබා ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here