Home Cricket දකුණු අප්‍රිකාවේදී ඉතිහාස ගත ජයක් ලැබූ සිංහ ධේනුවන්

දකුණු අප්‍රිකාවේදී ඉතිහාස ගත ජයක් ලැබූ සිංහ ධේනුවන්

දකුණු අප්‍රිකාවට එරෙහිව ප්‍රථම වරට කාන්තා ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

T20 තරගාවලියේ තුන්වැනි තරගය කඩුලු 4කින් ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 155ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 19.1කදී කඩුලු 6ක් දැවී ලකුණු 156ක් ලබා තරගය ජය ගත්තේය.

නායිකා චමරී අතපත්තු ලකුණු 73ක් ද ,හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 54ක් ද ලබා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here