Home Cricket කෝලි 7,500ක් ගැහුවත් RCB පරාදයි

කෝලි 7,500ක් ගැහුවත් RCB පරාදයි

IPL ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සමග පැවැති තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට දුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 3ක් දැවී ලකුණු 183ක් ලබා ගත්තත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 19.1කදී කඩුලු 4ක් දැවී ලකුණු 189ක් ලබා තරගය ජය ගත්තේය.

විරාත් කෝලි නොදැවී ලකුණු 113ක් හා නායක ෆෆ් ඩු ප්ලේසිස් ලකුණු 44ක් ලබා ගත්තා.

මෙම ඉනිම සමග කෝලි IPL ලකුණු 7,500යේ සීමාවට පැමිණි පළමු ක්‍රීඩකයා බවට පත් විය.

රාජස්ථානය වෙනුවෙන් ජෝස් බට්ලර් නොදැවී ලකුණු 100ක් හා නායක සංජු සෑම්සන් ලකුණු 69ක් ලබා ගත්තේය.

Leave a reply

  • Facebook Comments