Home Cricket ලෝක කුසලානයට යන 32 ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ලෝක කුසලානයට යන 32 ශ්‍රී ලංකා සංචිතය මෙන්න

මෙම වසරේ ජූලි මස ආරම්භ වීමට නියමිත 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ක්‍රීඩකයින් 32 දෙනකුගෙන් යුත් මූලික ශ්‍රී ලංකා සංචිතයක් නම් කර ඇති බව වාර්තා වේ.

මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට හිමිව ඇති අතර උප නායකයා ලෙස මැදපෙළ පිතිකරු චරිත් අසලංක කටයුතු කරනු ඇත.

තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩකයින් 15 දෙනකුගෙන් යුත් අවසන් ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම සඳහා එළැඹෙන මැයි මස 25 වැනිදා දක්වා අවස්ථාව ලබා දී තිබීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා මූලික සංචිතය – වනිඳු හසරංග (නායක) චරිත් අසලංක (උප නායක) කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, චාමික කරුණාරත්න, ජනිත් ලියනගේ, අවිෂ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ලසිත් කෲස්පුල්ලේ, සහන් ආරච්චිගේ, නිරෝෂන් දික්වැල්ල, භානුක රාජපක්ෂ, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, දිල්ෂාන් මධුසංක, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, ළහිරු මධුසංක, ළහිරු කුමාර, විජයකාන්ත් වියස්කාන්ත්, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර, ජෙෆ්රි වැන්ඩර්සේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here