Home Cricket බංගලින්ට ගිය දඹුල්ල

බංගලින්ට ගිය දඹුල්ල

2024 ලංකා ප්‍රීමියර් ලීගයට තරග වදින දඹුල්ල කණ්ඩායම සඳහා ගියවර ක්‍රීඩා කළ Aura Lanka හිමිකරු විරංජිත් තාඹුගලට අයත්ව තිබූ, Dambulla Aura කණ්ඩායම වෙනුවට “Dambulla Thunders” යන නමින් නව කණ්ඩායමක් තරග වැදීමට නියමිතය.

මෙම නව “Dambulla Thunders” කණ්ඩායමේ හිමිකාරිත්වය බංග්ලාදේශ ව්‍යවසායකයින් දෙදෙනෙකු වන Tamim Rahman සහ Golam Rakib ට අයත් Imperial Sports Group නම් සමාගමක් විසින් දරණු ලැබේ.

එමෙන්ම “Dambulla Thunders” කණ්ඩායම LPL තරගාවලි ඉතිහාසයේ බංග්ලාදේශ හිමිකරුවන්‍ සතු වූ පළමු කණ්ඩායම බවටද පත් වේ.

මේ සමඟ Dambulla Viiking, Dambulla Giants, Dambulla Aura සහ Dambulla Thunders ලෙස LPL Season පහ තුළ සිව්වරක් දඹුල්ල කණ්ඩායමේ නම සහ හිමිකරුවන් වෙනස් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here