Home Cricket T20 ලෝක කුසලාන ගැන සුනිල් නරායින් ගත් තීරණය

T20 ලෝක කුසලාන ගැන සුනිල් නරායින් ගත් තීරණය

එළඹෙන T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී යළි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග සම්බන්ධ වන ලෙස හිටපු කොදෙව් තුන්ඉරියව් ක්‍රීඩක සුනිල් නරායින්ට කළ ඇරයුම ඔහු ප්‍රතික්ෂේප කර ඇත.

තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත. “මේ දවස්වල මගේ දස්කම් නිසා, මගේ සමුගැනීමේ තීරණය වෙනස් කරලා එළඹෙන T20 ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න එන්න කියලා බොහෝ දෙනා ප්‍රසිද්ධියේම මට ආරාධනා කරනවා. ඒ ගැන ඇත්තටම මට සතුටුයි. නමුත් මම දැන් ජාත්‍යන්තර පිටියෙන් සමුගෙන සිටිනවා. මට කිසි කෙනෙකුගේ බලාපොරොත්තු බිඳ දැමීමට කැමැත්තක් නැති වුණත්, නැවත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන්න අදහසක් නැහැ. ලෝක කුසලානයේදී කොදෙව්වන් වෙනුවෙන් මම උපරිම සහාය දෙනවා” යනුවෙන් ඔහු එහි සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here