Home Cricket හොංකොං ක්‍රිකට් ශූරතාව වසර 17කට පසු ලංකාව දිනාගනී

හොංකොං ක්‍රිකට් ශූරතාව වසර 17කට පසු ලංකාව දිනාගනී

පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කර හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම  සමත් විය.

අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 5.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 72ක් පමණි.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී තිබියදී තරගයේ 5වැනි පන්දුවාරයේදී ලකුණු 76ක් රැස්කරමින් ජයග්‍රහණය වාර්තා කළාය.

ශ්‍රී ලංකා කණ්ඩායමක් ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර, අවසන් වරට මීට වසර 17කට පෙර 2007 වසරේදී ශූරතාවක් දිනා තිබුණි.

මීට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම 1993 සහ 2004 වසරවලදී අනුශූරතාව ද දිනා ගෙන තිබුණා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here