2026 ආසියානු කුසලාන කාන්තා T 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට අපරාජිතව සුදුසුකම් ලබා ගන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකියාව ලැබුණා.
මුලික වටයේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්, බංග්ලාදේශය කඩුලු 4කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන් කර ගත්තා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 114ක් ලබා ගත්තේය.
සුගන්දිකා කුමාරි ලකුණු 22කට කඩුලු 2ක් සහ චමුදි ප්‍රබෝධා ලකුණු 21කට කඩුලු 3ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 19.2කදී කඩුලු 6ක් දැවී ලකුණු 115ක් ලබා තරගය ජය ගත්තා.
ශ්‍රී ලංකාව අසීරූ තත්ත්වය පසු මොහොතේදී හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 48ක් ලබා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

මේ අතර හොංකොං කණ්ඩායම ලකුණු 72කින් පරාජය කළ පාකිස්ථානය , අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හමුවීමට නියමිතයි.


