නවසීලන්ත කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගය කඩුලු 3කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මේ සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙස පෙරමුණ ගනිමින්, තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
වාර්ෂාව හේතුවෙන් පන්දුවාර 47කට සීමා වූ මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 45.1ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 209ක් රැස්කළේය.
නවසීලන්ත කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 210ක ඉලක්කය කඩුලු 7ක් දැවී තිබියදී තරගයේ 46වැනි පන්දුවාරයේදී පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කුසල් මෙන්ඩිස් පන්දු 102කට මුහුණදෙමින් ලකුණු 74ක් රැස්කිරීමට වුණා.
කුසල්ට අගනා සහායක් දුන් මහීෂ් තීක්ෂණ ලකුණු 27ක් රැස්කිරීමට සමත් වූ අතර, ඔහු 08වැනි කඩුල්ලට කුසල් සමගින් පන්දු 59කින් ලකුණු 47ක නොබිඳුණු සබඳතාවක්ද පැවැත්වීය.
මේ අනුව වසර 12කට පසුව නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ශ්‍රී ලංකාව අවසන්වරට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කර තිබුණේ 2012 වසරේදී මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේය.