![FB_IMG_1734920099505](https://srilankasports.lk/wp-content/uploads/2024/12/FB_IMG_1734920099505-640x427.jpg)
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත ක්රිකට් XI කණ්ඩායම අතර පෙර පුහුණු T20 තරගය ජය ගන්නට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ ලකුණු 32කින්.
වර්ෂාව නිසා තරගය පන්දුවාර 10ක් ලෙස පැවැත්වුණු අතර මෙම තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 10දී කඩුලු 2ක් දැවී ලකුණු 128ක් ලබා ගත්තේය.
![](https://srilankasports.lk/wp-content/uploads/2024/12/FB_IMG_1734920097322-1024x683.jpg)
පැතුම් නිස්සංක ලකුණු 31ක් ද,භානුක රාජපක්ෂ ලකුණු 25ක් ද,වනිඳු හසරංග ලකුණු 27ක් ද ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ නවසීලන්ත XI කණ්ඩායම පන්දුවාර 10දී කඩුලු 2ක් දැවී ලබා ගත්තේ ලකුණු 96ක් පමණි.
නුවන් තුෂාර ලකුණු 10කට කඩුලු 2යි.