නවසීලන්ත කණ්ඩායම පරාජය කර නෙල්සන්හිදී තෙවන සහ අවසන් T 20 තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 218ක් රැස් කළේය.
කුසල් ජනිත් පෙරේරා ශ්රී ලංකාව වෙනුවෙන් වේගවත්ම T 20 ශතකය රැස්කළ පිතිකරුවා බවට පත්වෙමින් පන්දු 46කදී ලකුණු 101ක් රැක්කිරීමට සමත් විය.
මෙම ඉනිමත් සමග සිය T 20 තරග දිවියේ ලකුණු 2000 සීමාව පසුකරන්නට ද කුසල් ජනිත්ට පෙරේරාට හැකිවිය.
ඒ අනුව ඔහු ශ්රී ලංකාව වෙනුවෙන් ලකුණු 2000 කඩඉම පසුකළ පළමු පිතිකරුවා බවට පත්වුණා.
කුසල්, මේ වනවිට ඉනිම් 76කට ක්රීඩාකර ලකුණු 2056ක් රැස්කරගෙන සිටිනවා.
පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 211ක් පමණි.
ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය තරග 2-1ක් ලෙසින් නවසීලන්තය ජය ගත්තේය.