සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය ගාල්ලේදී ආරම්භ විය.
තරගය පළමු දිනය වර්ෂාව හේතුවෙන් නතර කරන විට ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට කඩුලු 2කට ලකුණු 330ක් ලබා සිටියේය.
නායක ස්ටීව් ස්මිත් ලකුණු 104ක් ද,උස්මාන් කවාජා නොදැවී ලකුණු 147ක් ද ලබා කඩුල්ලේ රැඳී සිටියා.
මෙහිදි ස්ටීව් ස්මිත් ටෙස්ට් ලකුණු 10,000සේ කඩයිම ද පසු කර ගියේය.

ට්‍රැවිස් හෙඩ් ලකුණු 57ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 102කට 1ක් කඩුල්ලක් හා ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 93කට 1ක් කඩුල්ලක් දවා ගත්තා.
