Home Cricket ශ්‍රී ලංකාව නැති ශූරයින්ගේ කුසලානය අද සිට

ශ්‍රී ලංකාව නැති ශූරයින්ගේ කුසලානය අද සිට

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේපළමු තරගය අද පාකිස්තානය සහ නවසීලන්ත කණ්ඩායම් අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතය.

තරගාවලිය  19 සිට මාර්තු මස 9 වැනිදා දක්වා පාකිස්තානයේ දී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වය මත තරගාවලයේ ඉන්දියාව තරගවදින තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ද පැවැත්වීමට තීරණය විය.

‘ඒ’ කාණ්ඩයෙන් බංග්ලාදේශය, ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්තානය තරගවදින අතර,

‘බී’ කාණ්ඩයෙන් ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව තරගවැදීමට නියමිතය.

මෙවර මෙම තරගාවලියට එක් වන කණ්ඩායම් අතුරින් ඇෆ්ගනිස්තානය තරගවදින්නේ පළමු වතාවට වීම විශේෂත්වයකි.

ශූරයන්ගේ කුසලාන තරගාවලිය අවසන් වරට 2017 වසරේදී පැවැති අතර, එහිදී ශූරතාව දිනාගැනීමට පාකිස්තානය සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here