Home Cricket හෘදයාබාධයකට ලක් වූ තමිම් ඉක්බාල්ගේ නවතම තත්ත්වය 

හෘදයාබාධයකට ලක් වූ තමිම් ඉක්බාල්ගේ නවතම තත්ත්වය 

දේශීය තරගයක් අතරතුර හෘදයාබාධ ලක් වූ බංග්ලාදේශ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ නායක තමිම් ඉක්බාල් ශල්‍යකර්මයකට ලක් කර තිබේ.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන තමීම්ගේ සුවදුක් විමසීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් හා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ද රෝහල වෙත පැමිණ සිටියා.

තමිම් ඉක්බාල්ගේ තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කරමින් සිටින බව වෛද්‍යවරුන් පවසනවා.

බංග්ලාදේශයෙන් බිහි වූ විශිෂ්ට ආරම්භක පිතිකරුවෙකු ලෙස හැඳින්වෙන තමිම් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඇතුළු බොහෝ දෙනෙකු ඉක්මන් සුවය පතා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here