ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර 3වන T20 තරගය අද රාත්‍රී 7.30ට කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.
දෙපිලම 1-1 ක් ලෙස තරගාවලියේ පසුවෙති.

මෙම තරගයට දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පවසා සිටියේය.

කමිඳු මෙන්ඩිස් ද කණ්ඩායමට එක්වීමට නියමිතය.
අද තරගයේ සියලුම ටිකට් විකිණි අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළාය.
තරගය ජය ගන්නා කණ්ඩායමට T20 තරගාවලියේ ජය ද හිමිවෙයි.
අද තරගයට එක්විය හැකි කණ්ඩායම
- පැතුම් නිස්සංක
- කුසල් මෙන්ඩිස්
- කුසල් ජනිත් පෙරේරා
- දිනේෂ් චන්දිමාල්
- චරිත් අසලංක
- දසුන් ශානක
- කමිඳු මෙන්ඩිස් / දුනිත් වෙල්ලාලගේ
- චාමික කරුණාරත්න
- ජෙෆ්රි වැන්ඩර්සේ
- නුවන් තුශාර
- බිනුර ප්‍රනාන්දු