Home Cricket ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව සුන් නැහැ – අවසන් තරගයට අපිට යන්න පුළුවන් 

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව සුන් නැහැ – අවසන් තරගයට අපිට යන්න පුළුවන් 

ආසියානු කුසලාන T20 තරගාවලියේ සුපර් 4 තරග වටයේ පාකිස්ථානය හා සමග තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කින් පරාජය විය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලබා ගත් ලකුණු 133ට පිළිතුරු ලෙස පාකිස්ථානය පන්දුවාර 18කදී කඩුලු 5ක් දැවී ලකුණු 138ක් ලබා තරගය ජය ගත්හ.

මෙම පරාජය සමග ශ්‍රී ලංකා කණ්ඩායම සුපර් 4 වටයේ බංග්ලාදේශය හා පාකිස්ථානය සමග පරාජය වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාවට අවසන් තරගයට පිවිසිමේ ඉතා විරල අවස්ථාවක් පමණක් ඉතිරි වී තිබේ.

දැන් පැවැත්වෙන ඉන්දියාව සමග තරගය හා පාකිස්ථානය සමග තරගය බංග්ලාදේශය ජය ගෙන ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මූලික වටයේ අවසන් තරගය ඉහළ දළ වේගයක් මත ජය ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරගයට පිවිසිමේ සියුම් වූ අවස්ථාවක් ඉතිරිව තිබෙනවා.

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර තරගයේදී වනිඳු හසරංග සහ අබ්රාර් අහමෙඩ් එකිනෙකාගේ සැමරුම් රඟ දක්වමින් සිටි අතර අවසානයේදී ඔවුන් දෙදෙනා වැළඳ ගනිමින් ක්‍රීඩාවේ ජීව ගුණය පෙන්නුම් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here