Home Cricket වයස 19න් පහළ ආසියානු කුසලානය පාකිස්ථානයට

වයස 19න් පහළ ආසියානු කුසලානය පාකිස්ථානයට

වයස 19න් පහළ ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශූරතාව පාකිස්ථාන වයස 19න් පහළ කණ්ඩායම දිනා ගත්තේය.

පාකිස්ථානය හමුවේ ඉන්දියා වයස 19න් පහළ කණ්ඩායම ලකුණු 191කින් පරාජය විය.

ඩුබායිහිදී පැවැතුණු වයස 19න් පහළ ආසියානු කුසලානයේ අවසන් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථානය පන්දුවාර 50දී කඩුලු 8කට ලකුණු 347ක් ලබා ගත්තේය.

ඉන්දියා වයස 19න් පහළ කණ්ඩායමට පිළිතුරු ලෙස පන්දුවාර 26.2කදී සියල්ලන් දැවී රැස්කර ගත හැකිවුයේ ලකුණු 156ක් පමණි.

පාකිස්ථානය ආසියානු වයස 19න් පහළ එක්දින තරගාවලියක ශූරතාව දිනා ගත් දෙවැනි අවස්ථාව ද මෙයයි.




LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here