ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරු වික්‍රම් රාතෝර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණු උපදේශක ලෙස පත් කර තිබේ.
2026 T20 ලෝක කුසලාන සඳහා මෙම පත් කිරීම කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළාය.
වික්‍රම් රාතෝර් 2019 සිට 2024 වන තෙක් ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණු වූ අතර ඔහු මේ නව විට IPL තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස ද කටයුතු කරයි.
මෙම පත් කිරීම ජනවාරි මස 18 වනදා සිට මාර්තු මස 10 වනදා දක්වා බල පැවැත්වෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළාය.



