ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැතුණු පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 19ක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අත් කර ගත්තේය.
කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුලු 6ක් දැවී ලකුණු 271ක් රැස්කළහ.
ජනිත් ලියනගේ ලකුණු 46ක් ද,කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 93ක් හා දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 25ක් ලබා ගත්තේය.
එංගලන්තය වෙනුවෙන් ආදිල් රෂීඩ් ලකුණු 44කට කඩුලු 3ක් දවා ගත්තා.
ජයග්‍රහණය සඳහා ලකුණු 272ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 49.2කදී ලකුණු 252ක් පමණක් රැස් කර ගත්තේය.
බෙන් ඩකට් ලකුණු 62ක් ද,ජෝ රූට් ලකුණු 61ක් හා ජේමි ඕවර්ටන් ලකුණු 34ක් ලබා ගත්තා.
ප්‍රමෝද් මධුශාන් ලකුණු 39කට කඩුලු 3ක් ද,දුනිත් වෙල්ලාලගේ හා ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 2ක බැඟින් දවා ගත්තේය.
තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත් දුනිත් වෙල්ලාලගේ මෙම සම්මාන පසුගියදා පසුගිය දා දිවිගමනට සමුදුන් තම පියා වෙනුවෙන් පුදකරන බව ද පවසා සිටියේය.
තම පියාගේ බලාපොරොත්තු වුණේ දුනිත් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම දැකීම බවත් ඔහු මාධ්‍ය හමුවේ පවසා සිටියා.



