වයස 19න් පහළ ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියා වයස 19න් පහළ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා වයස 19න් පහළ ක්‍රීඩකයෝ පන්දුවාර 18.5ක් තුළ ලකුණු 58කට දැවී ගියේය.
මෙය ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම යොවුන් ලෝක කුසලානයකදී ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව ද විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා වයස 19න් පහළ කණ්ඩායම පන්දුවාර 12කදී කඩුල්ලක් දැවී ලකුණු 62ක් ලබා තරගය කඩුලු 9කින් ජය ගන්නට සමත් විය.
ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වුණත්, අයර්ලන්තය හා ජපානය පරාජය කළ ශ්‍රී ලංකාව සුපර් 6 මීලඟ වටයට සුදුසුකම් ලබා ගත්තේය.



