2026 T 20 ලෝක කුසලානයෙන් බංග්ලාදේශ ක්රිකට් කණ්ඩායම ඉවත් කර දමන්නට ICCය අද නිල වශයෙන් පියවර ගත්තේය.
ඉන්දියාව හා සමග පවතින බංග්ලාදේශයේ දේශපාලනික විරසකය සමග T 20 ලෝක කුසලානයේ තරග ඉන්දියාව තුළ ක්රීඩා කිරීමෙන් වැළකී සිටිමට බංග්ලාදේශය පියවර ගත්තා.
ඒ එම තරග ශ්රී ලංකාව තුළ පවත්වන ලෙසට ද ඉල්ලීමක් කරමින්.
නමුත් මෙම ඉල්ලීම ICCය විසින් ප්රතික්ෂේප කරමින් ඉන්දියාව තුළ බංග්ලාදේශ කණ්ඩායමට ප්රමාණවත් ආරක්ෂාවක් පවතින බව පවසා සිටියේය.
නමුත් බංග්ලාදේශය දිගින් දිගටම ඉන්දියාවට පැමිණීම ප්රතික්ෂේප කිරීමත් සමග ICCය විසින් බංග්ලාදේශය T 20 ලෝක කුසලානයෙන් ඉවත් කර දමන්නට පියවර ගත්තේය.
එම අවස්ථාව ස්කොට්ලන්තයට ලබා දී තිබේ.



