ශ්‍රී ලංකා හා පැවැතුණු දෙවැනි එක්දින ක්‍රිකට් තරගය කොළඹ R.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
මෙම තරගයෙන් පසු එංගලන්ත එක්දින හා T 20 නායක හැරී බෲක් හා ජෝ රූට් අදහස් පළකරමින් R. ප්‍රේමදාස තණ තීරුව සම්බන්ධයෙන් චෝදනා එල්ල කළා.
තම ක්‍රීඩා විදියේ ක්‍රීඩා කළ නරකම තණ තීරුව මෙය පැවසූ එංගලන්ත නායකයා හා ජෝ රූට් එක්දින තරග සඳහා මෙය සුදුසු තණතීරුවක් නොවන බව ද ප්‍රකාශ කළේය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පහර දුන් ශ්‍රී ලංකා පිලට පන්දුවාර 49.3කදී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 219ක් පමණි.
ධනංජය ද සිල්වා ලකුණු 40ක් සහ නායක චරිත් අසලංක ලකුණු 45ක් රැස්කළේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 220ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිල පන්දුවාර 46. 2කදී කඩුලු 5ක් දැවී ලකුණු 223ක් ලබා තරගය ජය ගත්තේය.
ජෝ රූට් ලකුණු 75ක් ද,නායක හැරී බෲක් ලකුණු 42ක් ද ලබා ගත්තා.
ජෝස් බට්ලර් නොදැවී ලකුණු 33යි



