Home Cricket එංගලන්තය එක්දින තරගාවලිය ජය ගනී – පවන් මංගල එක්දින ශතකය වාර්තා කරයි 

එංගලන්තය එක්දින තරගාවලිය ජය ගනී – පවන් මංගල එක්දින ශතකය වාර්තා කරයි 

ශ්‍රී ලංකාව සමඟ තුන්වැනි සහ අවසන් එක්දින තරගය ලකුණු 53කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරග තුනකික් සමන්විත එක්දින තරගාවලිය තරග 2ට 1ක් ලෙස ජය ගත්තේ එංලන්තයයි.

ශ්‍රී ලංකා කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියක් පරාජය වුණේ වසර 5කට පසුවයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසනායේ කඩුලු 3ක් දැවී ලකුණු 357ක් ලබා ගත්තේය.

ජෝ රූට් සිය එක්දින දිවියේ 20වැනි ශතකය රැස්කරමින් නොදැවී ලකුණු 111ක් ලබා ගත්තා.

හැරී බෲක් එක්දින දිවියේ නොදැවී ලකුණු 136ක් ලබා ගත්තා.

ලකුණු 358ක ඉලක්කයක් හඹායාම සඳහා ශ්‍රී ලංකා ඉනිම පැතුම් නිස්සංක සමඟින් කමිල් මිෂාර ඇරඹු අතර

කමිල් මිෂාර ලකුණු 22යි.

පැතුම් නිස්සංක ලකුණු 50ක් ලබා ගත් අතර කුසල් මෙන්ඩිස් පන්දු 8කින් ලකුණු 20ක් ලබා ගත්තේය.

පවන් රත්නායක සිය මංගල එක්දින ශතකය රැස්කරමින් ලකුණු 121ක් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 304ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here