වයස 19න් පහළ ලෝක කුසලාන එක්දින තරගාවලියේ දකුණු අප්‍රිකා වයස 19 කණ්ඩායම සමග තරගය කඩුලු 5කින් ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම ජය ගත්තේය.
මෙම ජය සමග ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම සුපර් 6 වටයේ 1 කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත් විය.
නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට නම් අයර්ලන්ත කණ්ඩායම විසින් හෙට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජය කළ යුතුව තිබේ.
ප්‍රථමයෙන් පහරදුන් දකුණු අප්‍රිකා වයස 19න් පහළ කණ්ඩායම පන්දුවාර 50දී කඩුලු 7කට ලකුණු 261ක් ලබා ගත්තේය.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම පන්දුවාර 46කදී කඩුලු 5ක් දැවී ලකුණු 265ක් ලබා තරගය ජය ගත්තාය.
විරාන් චමුදිත ලකුණු 110 හා සෙනුජ වැකුණගොඩ ලකුණු 48ක් ලබා ගත්තේය.
මෙය විරාන් ලෝක කුසලානයේදී ලබා ගත් දෙවන ශතකය ද විය.



