Home Cricket T 20 ලෝක කුසලානයේ ඕමාන තරගයෙන් ශ්‍රී ලංකාවට වාර්තා ගත ජයක් –...

T 20 ලෝක කුසලානයේ ඕමාන තරගයෙන් ශ්‍රී ලංකාවට වාර්තා ගත ජයක් – දසුන් වාර්තා පොත අලුත් කරයි

T 20 ලෝක කුසලානයේ ඕමානය හා තරගය ලකුණු 105කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

මෙය ශ්‍රී ලංකාව මෙවර T 20 ලෝක කුසලානයේදී වාර්තා කළ දෙවන ජයග්‍රහණයයි.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ පන්දුවාර 20දී කඩුලු 5කට ලකුණු 225ක් ලබා ගත්තේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 61ක් ද, පවන් රත්නායක ලකුණු 60ක් හා දසුන් ශානක පන්දු 20කින් ලකුණු 50ක් ද ලබා ගත්තේය.

පන්දු 19කින් අර්ධ ශතකය වාර්තා කළ ශානක ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම T 20 අර්ධ ශතකයට හිමිකම් කිවේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 226ක ඉලක්කයක් හඹා ගිය ඕමාන කණ්ඩායමට පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 120ක් පමණි.

දුෂ්මන්ත චමීර ලකුණු 19කට කඩුලු 2ක් ද,මහීෂ් තීක්ෂණ ලකුණු 11කට කඩුලු 2ක් දවා ගත්තේය.

කමිඳු මෙන්ඩිස්, දුෂාන් හේමන්ත සහ දුනිත් වෙල්ලාලගේ අතරේ කඩුල්ල බැගින් බෙදී ගියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here