2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය ඇතුලු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට හැකිවන පරිදි තමන් වෙත “විරෝධතා නොමැති බව” සඳහන් සහතිකය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර කොළඹ දිසා අධිකරණයට ගොනු කළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්තා.
නුවන් තෂාර වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ උපදේශණ නිතිඥ ජී.ජී. අරූල්ප්‍රගාසම් මහාතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ IPL ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් දැනටමත් අවසන් වී ඇති නිසා මෙම ඉල්ලීම තවදුරටත් පවත්වාගෙන යාමට තම සේවාදායකයා අපේක්ෂා නොකරන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි.
ඒ අනුව අදාළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් කොළඹ දිසා අධිකරණය අනතුරුව එය නිෂ්ප්‍රභා කළා.



