Home Cricket කාන්තා T 20 ලෝක කුසලානය සොයා නායිකාවන් ලන්ඩනයට එක්වෙයි

කාන්තා T 20 ලෝක කුසලානය සොයා නායිකාවන් ලන්ඩනයට එක්වෙයි

2026 ICC කාන්තා T 20 ලෝක කුසලාන තරගාවලිය ලන්ඩනයේ වෝටර්ලූ පාලම (Waterloo Bridge) මත පැවැති විශේෂ උත්සවයකින් නිල වශයෙන් ආරම්භ කර තිබේ.  

තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 12හි නායිකාවන් මෙම විශේෂ “Captains’ Carnival” උත්සවයට එක්වූ අතර, ලන්ඩනයේ ප්‍රසිද්ධ ස්ථාන පසුබිම් කරගනිමින් ලෝක කුසලාන කුසලානය සමඟ ඡායාරූප සැසි කිහිපයක් ද පැවැත්වුණි.

  

ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට වෝටර්ලූ පාලම ක්‍රිකට් තේමාවකින් සැරසූ අතර, එය ක්‍රීඩිකාවන්ට සහ රසිකයින්ට අමතක නොවන අත්දැකීමක් බවට මෙය පත්විය.

2026 කාන්තා T 20 ලෝක කුසලාන තරගාවලිය ජූනි 12 වැනිදා සිට එංගලන්තය සහ වේල්සයේදී පැවැත්වෙන අතර පළමු තරගයේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය තරග වැදීමට නියමිතය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here