ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අවසන් එක්දින ක්‍රිකට් තරගය එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකිව සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදු විය.
ඒ, සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙනි.
ඒ අනුව 1-0ක් ලෙස එක්දින තරගාවලිය ජයත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ පළමු තරඟයෙන් ලබා ගත් ලකුණු 41ක ජයග්‍රහණය හේතුවෙනි.
මෙම ජයග්‍රහණය වසර 23කට පසු 2003 වසරෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් කොදෙව් දූපත්හිදී ලබාගත් එක්දින තරගාවලි ජය ද විය.




