කාන්තා T 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගය කඩුලු 3කින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජය ගත්තේය.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 151ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලු 7ක් දැවී ලකුණු 154ක් ලබා තරගය ජය ගන්නට සමත් වුණා.

චමරි අතපත්තු ලකුණු 33ක් ද, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 27ක් ද, නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 21ක් ද ලබා ගත්තේය.
එංගලන්තය හා නවසීලන්තය අතර තරගය එංගලන්තය ද, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අයර්ලන්තය ද ඉහළ ජයක් ලබා ගතහොත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ප්‍රසාද ලකුණු 6ක් සමග අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත්වෙයි.




