Home Cricket ශ්‍රී ලංකාවට අන්ත ටෙස්ට් පරාජයක් 

ශ්‍රී ලංකාවට අන්ත ටෙස්ට් පරාජයක් 

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර

ඇන්ටිගුවා හි නෝර්ත් සවුන්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත පරාජයක් විඳ ගැනීමට සිදුවිය.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු 308ට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 626ක් ලබා සිටියදී තම පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 318ක දැවැන්ත පළමු ඉනිමේ වාසියක් ලබා ගත්තේය. 

ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 318ක අභියෝගයක් සමඟින් දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 101ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here