Home Cricket LPL T 20 අවසන් සටන අද – ක්‍රීඩා ලෝලීන්ට අවසන් තරගය නොමිලයේ...

LPL T 20 අවසන් සටන අද – ක්‍රීඩා ලෝලීන්ට අවසන් තරගය නොමිලයේ නැරඹීමේ අවස්ථාවක් 

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගෝල් ගැලන්ට්ස් හා ජැෆ්නා කිංග්ස් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙයි.

මූලික වටයේ සියලු තරග අවසානයේදීද මෙම කණ්ඩායම් දෙක ප්‍රසාද ලකුණු සටහනේ පළමු (ජැෆ්නා) සහ දෙවන ස්ථාන හිමිකරගැනීමට සමත්ව තිබුණි.

ඒ අනුව මෙම කණ්ඩායම් දෙක අතර පැවති අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්නා පළමු තරගයෙන් (Qualifier 1) තියුණු ජයක් ලබා ජැෆ්නා කිංග්ස් අවසන් මහා තරගයට පළමු සුදුසුකම් ලබාගත්තේය.

Eliminator තරගය ජයගෙන පැමිණි කළම්බෝ කැප්ස් දෙවන සුදුසුකම් ලැබීමේ තරගයෙන් (Qualifier 1) පරාජය කර යළි අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට ගෝල් ගැලන්ට්ස් අවස්ථාව හිමිකරගත්තේය.

තරගය රාත්‍රී 7.30ට ආරම්භ වේ.

අවසන් මහා තරගය නොමිලයේ නැරඹිමේ අවස්ථාවක් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් උදා කර දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here