Home Cricket සොනාල්ගේ ශතකය සහ දික්වැල්ලගේ ඉනිම ශ්‍රී ලංකාවට සැනසීමක් ගෙන දෙයි

සොනාල්ගේ ශතකය සහ දික්වැල්ලගේ ඉනිම ශ්‍රී ලංකාවට සැනසීමක් ගෙන දෙයි

ගාල්ලේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනයටත් වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඉන්දියාව පළමු ඉනිමට ලකුණු 462ක් ලබා ගත්තා.

දෙව්දත් පඩික්කල් ලකුණු 167යි.

පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී 284ක් ලබා ගන්නට සමත් වුණා.

සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ සොනාල් දිනූෂ ලකුණු 100ක් රැස්කළා.

වසර 3කට පසු ටෙස්ට් පිටියට පැමිණි නිරෝෂන් දික්වැල්ල තමන්ට එල්ල වූ චෝදනාවලට පිත්තෙන් පිළිතුරු දෙමින් සටන්කාමි ලකුණු 80ක් ලබා ගන්නට සමත් වුණා.

ශ්‍රී ලංකා පිළ ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 178ක් ඉදිරියෙන් සිටිමින් හෙට දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසීමට නියමිතයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here