Home Cricket ශ්‍රී ලංකාවේ ගෞරවය බේරා ගන්නට සොනාල්ට  හැකිවෙයි ද ? 

ශ්‍රී ලංකාවේ ගෞරවය බේරා ගන්නට සොනාල්ට  හැකිවෙයි ද ? 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනය නිමාවන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 265ක් ලබා ගෙන සිටියා.

ඉන්දියාව, පළමු ඉනිමට ලකුණු 503ක් ලබා ගත් අතර ඒ අනුව ශ්‍රී ලංකාව කඩුලු 2ක් අතැතිව ලකුණු 238ක් පිටුපසින් සිටිනවා.

පළමු ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ පසිඳු සුරියබණ්ඩාර ලකුණු 80ක් ලබා ගත්තා.

අඛණ්ඩව 3 වන වරටත් ලකුණු අතට පිවිසුණු සොනාල් දිනූෂ නොදැවී ලකුණු 85ක් ලබා ගෙන සිටියා.

ඒ අනුව අඛණ්ඩව දෙවන වරටත් පන්දුවට පහරදීමෙන් වැළකීමට ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු දෙකක් ඉතිරිව තවත් ලකුණු 38ක් ලබා ගත යුතු වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here