ශ්රී ලංකා ක්රිකට් නව තේරීම් කමිටුව නිල වශයෙන් අද ශ්රී ලංකා ක්රිකට් ආයතනය ප්රකාශ කළා.
උපුල් තරංග සභාපතිවරයා ලෙස කටයුතු කරන ක්රිකට් තේරීම් කමිටුවට සෙසු සමාජිකයින් ලෙස අජන්ත මෙන්ඩිස් ,තරංග පරණවිතාන ,ඉන්දික ද සේරම් සහ ඩිල් රුවන් පෙරේරා ඇතුළත්ය.
නව ක්රිකට් තේරීම් කමිටුවට වසර දෙකක කොන්ත්රාත් ගිවිසුමක් ලබා දීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මෙම නව තේරීම් කමිටුව ලබන මස සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්රී ලංකා තරග සංචාරයේ සිට සිය ධුරයේ වැඩ ඇරඹීමට නියමිතය.