ඔස්ට්‍රේලියාව සමඟ පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ලකුණු 8කින් ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුණා.
තරගයේ සිය පළමු ඉනිම සඳහා කොදෙව්වන් ලකුණු 311ක් රැස්කර ගත්තා.
සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට රැස්කරගත්තේ 289කි.
දෙවන ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම ලකුණු 193කදී සියලුදෙනා දැවී ගියා.
ලකුණු 216ක ජයග්‍රහී ඉලක්කයක් හඹා දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියා ඉනිම ලකුණු 207කට සීමා වුණා.
ස්ටීව් ස්මිත් නොදැවී ලකුණු 91ක් රැස්කර ගත්තා.
තරගය දිනාදීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කොදෙව් නවක ක්‍රීඩක ෂමාර් ජෝෂප් ලකුණු 68කට කඩුලු 07ක් දවා ගැනීමට සමත්වුණා.
ෂමාර් ජෝෂප් ඇඟිල්ලක ආබාධයක් සමග ක්‍රීඩා කරමින් මෙම දක්ෂතාව දැක්වීම විචාරකයින්ගේ ප්‍රසංශාවට ලක්වුණා.
තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම සිය නාමය ඉදිරියේ සටහන් කර ගැනීමට ෂමාර් ජෝෂප් සමත්වුණා.
මෙම ජයත් සමග ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සමව නිමාකර ගැනීමට කොදෙව් කණ්ඩායමට හැකිවුණා.
එය වසර 27කට පසුව කොදෙව් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ දී ලද ටෙස්ට් ජයයි.