2024 පැරිස් ඔලිම්පික් ඇරඹෙයි – සමාරම්භක උලෙළ සෙන් නදියේදී

    2024 ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ විය.

    මෙවර ගිම්හාන ඔලිම්පික් උළෙල ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වෙන අතර එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500 දෙනකු තරග ඉසව් 329ක් සඳහා තරග කරනු ඇත.

    මෙවර ඔලිම්පික් සමාරම්භක උළෙල වෙනත් වසරවල මෙන් ක්‍රීඩාංගණයක නොපවත්වා පැරීසියේ සේන් නදීයේ පැවැත් වුණා.

    2024 ඔලිම්පික් උලෙළට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනකු සහභාගි වනවා.

    තරුෂි කරුණාරත්න (මීටර් 800 – කාන්තා), නදීෂා දිල්හානි ලේකම්ගේ (හෙල්ල විසි කිරීම – කාන්තා), අරුණ දර්ශන (මීටර් 400), කයිල් අබේසිංහ හා ගංගා සෙනවිරත්න (පිහිණුම්) සහ විරේන් නෙත්තසිංහ (බැඩ්මින්ටන්).

    පැරිසිය හරහා වැටී ඇති සේන් නදිය දිගේ කිලෝමීටර් 6ක දුරක් එක් එක් රටවලට අයත් කණ්ඩායම් බෝට්ටුවල නැග ගමන් කළා.

    PARIS, FRANCE – JULY 26: Athletes travel by boat along the Seine river during the opening ceremony of the Olympic Games Paris 2024 on July 26, 2024 in Paris, France. (Photo by Ricardo Mazalan – Pool/Getty Images)

    ලක්ෂ 3කට ආසන්න ප්‍රේක්ෂකයින් ගං ඉවුර දෙපසට වී ඔලිම්පික් සමාරම්භක උත්සවය නැරඹිය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here