ශම්මි නිසා ජේ ෂා යළි ආසියානු ක්‍රිකට් සභාපති වෙයි

    ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපති ලෙස හිටපු සභාපති ඉන්දියාවේ ජේ ෂා නිතරගයෙන් තෝරා පත්වී තිබෙනවා.

    ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීමේදී ජේ ෂා සභාපති ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා යෝජනා කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැනවු ICC තහනමත් සමඟ ජේ ෂා සම්බන්ධයෙන් මෙරට දැඩි කථාබහට ලක් වූ අතර ඔහු වර්ථමානයේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයායි.

    ජේ ෂා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත් වු තුන්වැනි අවස්ථාව ද මෙයයි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here