Home Football ශ්‍රී ලංකාවට නවීන පහසුකම් සහිත ජාත්‍යන්තර  පාපන්දු ක්‍රීඩාංගණයක් 

ශ්‍රී ලංකාවට නවීන පහසුකම් සහිත ජාත්‍යන්තර  පාපන්දු ක්‍රීඩාංගණයක් 

ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපති ෂෙයික් සල්මන් බින් එබ්‍රහිම් අල් කලීෆා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර සාකච්ඡාවක් ශ්‍රැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විය. 

මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ද සහභාගී විය.

බොහෝ ආසියානු රටවල් ආර්ථිකය හමුවේ, දූෂණයට ලක් ව ඇති නමුත්, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සමඟ ශ්‍රී ලංකාව රටක් ලෙස ඉදිරියට ගමන් කරමින් පවතින බව ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපති කලීෆා මහතා මෙහිදී පැවසුවේය.

ඒ අනුව ක්‍රීඩාව ද වඩා හොඳ තලයකට පැමිණෙන බව තමන්ට විශ්වාස බව ඔහු සඳහන් කළේය.

පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ සම්බන්ධව නවීන පහසුකම් සහිත ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගනයක් මෙරටට ලබා දීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළා.

ඒ සඳහා අවශ්‍ය ඉදිරි සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here