Home Uncategorized ආසියානු සවි සවීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 5ක්

ආසියානු සවි සවීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 5ක්

නේපාලයේ කත්මන්ඩුහිදී පැවැත්වෙන ආසියානු සවි එසවීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 5ක් දිනා ගත්තේය.

කිලෝග්‍රෑම් 120ට ඉහළ බර පන්තියේ රන් පදක්කම දිනා ගන්නට රන්සිළු ජයතිලක සමත්විය.

රන්සිළු දිනූ 7 වැනි ආසියානු සවි එසවීමේ තරගාවලියේදී රන් පදක්කම ද මෙයයි.

කිලෝග්‍රෑම් 105 බර පන්තියේ රන් පදක්කම මිනුර ගිම්හාන් ද,කාන්තා කිලෝග්‍රෑම් 58 බර පන්තියේ රන් පදක්කම යෂිති ධර්මවිමල විසින් ද දිනාගත්තේය.

කිලෝග්‍රෑම් 85 බර පන්තියේ රන් පදක්කම අශේන් දේවප්‍රිය හා මොහොමඩ් නදීන් කිලෝග්‍රෑම් 77 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here