ශ්‍රී ලංකාව , මැලේසියාව හමුවේ පරදියි

113
0

මෙවර ආසියානු දැල් පන්දු තරගාවලියේ පළමු පරාජයට මුහුණ දෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවුනා. ඒ මැලේසියාව සමග පැවති තරගයේදී.

එම තරගය මැලේසියානු ක්‍රීඩිකාවන් ජයගත්තේ ලකුණු 38 ට 32ක් ලෙසයි. පළමු කාර්තුව නිමාවනවිට ලකුණු 9බැගින් ලබාගෙන කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවුණා.

දෙවන කාර්තුවේදී මැලේසියාව ලකුණු 9ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකාව ලකුණු 8ක් රැස් කළා. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවනවිට ලකුණු 18 ට 17ක් ලෙස මැලේසියාව පෙරමුණේ පසුවුණා.

නමුත් තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නොසිතු ප්‍රහාරයක් එල්ලකරන්නට මැලේසියානු ක්‍රීඩිකාවන් සමත් වුනා. එම කාර්තුවේදී ඔවුන් ලකුණු 14ක් රැස් කළා.
ඒ අතරවාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රැස් කලේ ලකුණු 6ක් පමණයි.

තුන්වන කාර්තුවේ වාසිය තව දුරටත් රදවාගත් මැලේසියානු ක්‍රීඩිකාවන් දෙවන සිව්වන කාර්තුවේදී තවත් ලකුණු 9ක් සිය ලකුණු පැසට එක්කර ගත්තා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම කාර්තුවේදී ලකුණු 9ක් වාර්තා කලත් එය මැලේසියානු ජයග්‍රහණය වලක්වාලන්නට ප්‍රමාණවත් වුනේ නැහැ.

ඒ අනුව මේ තරගය ලකුණු 38 ට 32ක් ලෙස මැලේසියාව ජයගත්තා.

ශ්‍රී ලංකාව ආසියානු දැල් පන්දු තරගාවලියේ මුලික වටයේ සහභාගිවන අවසන් තරගය හෙට පැවැත්වෙනවා. ඒ බෘනෙයි කණ්ඩායම සමගින්.

Comments

comments

SHARE