Home Cricket ජය ගෙන දී ඩේවිඩ් වෝනර් ටෙස්ට් දිවියට ආයුබෝවන් කියයි

ජය ගෙන දී ඩේවිඩ් වෝනර් ටෙස්ට් දිවියට ආයුබෝවන් කියයි

ඔස්ට්‍රේලියාව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දුන්නාය.

ඒ පාකිස්ථානය සමඟ පැවැති තුන්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුවයි.

හැගුම් බර මොහොතක් වු මෙම තරගයෙන් සිය අවසන් ටෙස්ට් ඉනිමේදී අර්ධ ශතකයක් වාර්තා කරමින් වෝනර් ලකුණු 57ක් ලබා ගත්තේය.

ඒ ඔස්ට්‍රේලියාවට මෙම තරගයෙන් කඩුලු 8ක ජයක් ද හිමිකර දෙමින්ය.

ඔස්ට්‍රේලියාව ටෙස්ට් තරගාවලිය ද තරග 3 -0ක් ලෙස ජය ගත්තේය.

ජාත්‍යන්තර ටෙස්ට් දිවියට සමුදුන් ඩේවිඩ් වෝනර් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 112ක් ක්‍රීඩා කරමින් ලකුණු 8786ක් ලබා ගත්තේය.

එහිදි ඔහු ටෙස්ට් ශතක 26ක් සහ අර්ධ ශතක 37ක් ලබා ගෙන තිබුණා.

වෝනර්ගේ ටෙස්ට් සාමාන්‍ය 44.59ක්.

එක්දින දිවියට ද පසුගියදා සමුදුන් ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර පන්දුවාර 20 පිටියේ තවදුරටත් ක්‍රීඩා කරනවා.

සිඩ්නි ක්‍රීඩාංගණයේදී පැවැති ඩේවිඩ් වෝනර්ගේ සමුගැනිමේ තරගය විශාල ක්‍රීඩා ලෝලීන් පිරිසක් එක්ව සිටියා.

SYDNEY, AUSTRALIA – JANUARY 06: Australia celebrate after winning the series against Pakistan during day four of the Men’s Third Test Match in the series between Australia and Pakistan at Sydney Cricket Ground on January 06, 2024 in Sydney, Australia. (Photo by Darrian Traynor/Getty Images)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here