ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්රිකට් තරගයෙන් කඩුලු 3ක ජයක් ලැබීමට අයර්ලන්ත ක්රීඩිකාවෝ සමත් විය.
මෙම තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා ක්රීඩිකාවෝ පන්දුවාර 50දී කඩුලු 8ක් දැවී ලකුණු 260ක් ලබා ගත්තේය.
විශ්මි ගුණරත්න පන්දු 98කින් ලකුණු 101ක් ද, හසිනි පෙරේරා ලකුණු 46ක් ද ලබා ගත්තා.
චමරි අතපත්තුගෙන් පසු ශ්රී ලංකා පිතිකාරිණියක් ලබා ගත් පළමු එක්දින ශතකය ද මෙයයි.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ අයර්ලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායම පන්දුවාර 49.2කදී කඩුලු 7ක් දැවී ලකුණු 261ක් ලබා තරගය ජයගත්තාය.
Orla Prendergast නොදැවී ලකුණු 122ක් සහ Amy Hunter නොදැවී ලකුණු 42ක් ලබා ගත්තාය.
කවීෂා දිල්හාරි ලකුණු 54කට කඩුලු 4ක් දවා ගත්තාය.